ලෝකයේ හොඳම කෙටි චිත්‍රපටයට සම්මාන දිනූ හසන්ත දිසානායකගේ “Mutton”

ලෝකයේ හොඳම කෙටි චිත්‍රපටයට සම්මාන දිනූ හසන්ත හසන්ත දිසානායකගේ “Mutton”

ලෝකයේ හොඳම කෙටි චිත්‍රපටයට සම්මාන දිනූ හසන්ත හසන්ත දිසානායකගේ “Mutton”

ඇය තම සැමියා මරා දැමුවාය. ඒ බිහිසුණු ඝාතනය පිළිබඳ සොයන කිසිදු විමර්ශන නිලධාරියකුට සාක්ෂි හමුවීමට ඇය ඉඩ නොතැබුවාය. ඔවුන් ඇය ගැන වරින්වර සැක කළ ද එය සනාථ කිරීමට හැකියාවක් තිබුණේ නැත. අවසානයේ ඇගේ සැලසුම වූයේ තම සැමියාගේ ඝාතනය පිළිබඳ සොයාබලන අති දක්ෂයැයි නම් දැරූ රහස් පරීක්ෂකවරුන් මගින් ම සියලු‍ සාක්ෂි විනාශ කිරීමයි.

මෙය ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වූ කතා වස්තුවකි. ලෝකයේ රටවල් ගණනාවක චිත්‍රපට, කෙටි චිත්‍රපට, ටෙලි නාට්‍ය මාලා රැසක් මේ කතාව අනුව නිර්මාණය වී තිබේ. එම කතාවේ පළමු නිර්මාණකරුවා බ්‍රිතාන්‍යයේ ලේඛක Roald Dahl ය. ඔහු විසින් රචිත “Lamb to the Slaughter” කෙටි කතාව ලෝකය පුරා නිර්මාණ රැසකට පාදක වී තිබේ.

ශ්‍රී ලංකාවේ නැගී එන සිනමා කරුවෙකු වන හසන්ත දිසානායක මේ කෙටිකතාව පාදක කරගනිමින් තවත් නිර්මාණයක් ක​ෙළ්ය. එය “මට්න්” යනුවෙන් නම්කරන ලද කෙටි චිත්‍රපටයකි. ඔහුගේ මේ නව නිර්මාණය පසුගිය දා තුර්කියේ පැවැති “සකර්යා” අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ දී හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත්තේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ රූපවාහිනී සහ සිනමා ගෞරව උපාධි පාඨමාලාවේ අවසන් වසර නිෂ්පාදනයට ඔහු මේ නිර්මාණය කර තිබේ. ඒ පිළිබඳ හසන්ත දිසානායක මෙසේ කීවේය.

“මා මේ චිත්‍රපටය කළේ විශ්වවිද්‍යාලයේ අවසන්වසර නිෂ්පාදනය ලෙස. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ කතාවක් විවිධ ශිල්පීන් විසින් නිර්මාණය කර තිබෙන ආකෘතියට වඩා වෙනස් විදියට නිර්මාණය කිරීම මා තෝරාගත්තා. එය අභියෝගාත්මකයි. නමුත් ජයගත යුතු ඉලක්කයක්. මට සම්මාන ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හොඳ නිර්මාණයක් කරන්න විතරයි අවශ්‍ය වුණේ. මම හිතනවා එය සාර්ථක වුණා කියලා.”
තුර්කියේ “සකර්යා” චිත්‍රපට උළෙලේ දී සම්මාන දිනාගැනීමට පෙර ඔහුගේ “මට්න්” කෙටි චිත්‍රපටයට භූතානයේ ඩ්‍රක් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම ශිෂ්‍ය චිත්‍රපටය ලෙස සම්මාන ලැබුණු අතර එම උළෙලේ දී ම කැමරාකරණය සඳහා වන විශිෂ්ඨතා සම්මානය ද හිමිකරගෙන තිබිණි. මේ වනවිට එය ඉරානයේ සහ දකුණු කොරියාවේ පැවැත්වෙන තවත් ජාත්‍යන්තර චිත්‍රපට ‍උළෙල දෙකක අවසන් වටය දක්වාම නිර්දේශ වී ඇත.
“මගේ නිර්මාණයේ සාර්ථකත්වයට බොහෝ දෙනෙක් දායක වුණා. මෙය මගේ නිර්මාණයක් වුවත් එය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්.”

තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලය සහ තුර්කි සංස්කෘතික හා සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් මෙම චිත්‍රපට උළෙල සංවිධානය කර තිබුණේ 07 වැනි වරටය. ඒ සඳහා රටවල් 197කින් කෙටි චිත්‍රපටි 7,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබිණි.

සකර්යා විශ්වවිද්‍යාල‍යේ සන්නිවේදන පීඨයේ පීඨාධිපති මහාචාර්ය යූසුෆ් අදිගුසාල් ඇතුළු සකර්යා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් අතින් මෙම සම්මානය පිරිනැමිණි. Sakarya සිනමා උළෙලට පෙර භූතානයේ DRUK සිනමා උළෙලේදීත් සම්මාන ද්විත්වයක් දිනාගන්නට Mutton සමත් වුනා. DRUK සිනමා උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කරමින් හොඳම ශිෂ්‍ය චිත්‍රපටය (any length) බවට පත් වූ එය කැමරාකරණය සඳහා වන විශිෂ්ට කුසලතා සම්මානයකුත් ජයග්‍රහණය කළා. රංගන ශිල්පිනී නදීශානි පේළිආරච්චිගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වුණු Mutton හි සංගීත අධ්‍යක්ෂණය මියුරු සංගීත් විසින් සිදුකොට තිබෙනවා. කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් චින්තක බණ්ඩාර කටයුතු කළ අතර සංස්කරණය අනුර බණ්ඩාර අතින් සිදුව තිබෙනවා.

හසන්ත දිසානායක විසින් නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් මීට ඉහත 2016 වර්ෂයේ දී ද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති කෙටි චිත්‍රපට උළෙලක දී ජනප්‍රියම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *