ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීමට පදිංචි ස්ථානය පමණක් ප්‍රමාණවත් – මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ කොමිෂන් සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා නොපවැත්වේ - මැතිවරණ කොමිෂන් සභාව

ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම සදහා පසුගිය ජූනි මස පළමුවනදා වනවිට පදිංචි ස්ථානය පමණක් ප්‍රමාණවත් වන අතර දේපොළ අයිතිය පිළිබද අවධානය යොමුකරන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි විය හැකියි. ඒ සදහා දේපොළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකගතාව අවශ්‍ය නොවේ. පුරවැසියාගේ අත්හල නොහැකි පරමාධිපත්‍ය බලයට ඡන්ද බලය ද ඇතුළත්. ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම සදහා ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව තිබිය යුතුයි.

ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම සදහා පුරවැසියන්ට බාධා කිරීම බරපතල වරදක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *