ඉන්දියානු සංචාරකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ “Next Door Neighbor”

සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට ශ්‍රී ලංකන් ව්‍යාපෘතියක් අරඹයි

ඉන්දියානු සංචාරකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ "Next Door Neighbor"

වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා විශේෂ අලෙවිකරණ වැඩසටහනක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආරම්භ කර තිබේ. Next Door Neighbor යනුවෙන් නම් කර ඇති මෙය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගැනීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගිය වසරේ 2020 PATA සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලෙවිකරණ ව්‍යාපාරය යටතේ ඉදිරිපත් කළ Next Door Neighbor සහ Serendipity Next Door යන අලෙවිකරණ ව්‍යාපාරයට ‘අලෙවිකරණ වාහකයා’ තේමාව යටතේ මෙම රන් සම්මානය හිමිවිය.

මේ වන විට සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති සංචාරකයන්ට නිරෝධායනය සහ පැමිණීමේ දී විශේෂ පරීක්ෂාවකින් තොරව ඔවුන්ගේ අපේක්ෂිත ගමනාන්ත වල අත්දැකීම් ලබා ගැනීමට හැකියාව පවතියි. ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ රෙගුලාසි ලිහිල් කර ඇති මොහොතක ගුවන් සමාගම ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රචාරණයක් මෙලෙස නැවත ආරම්භ කර තිබේ. වර්තමානයේ දී, ඉන්දියාවේ පුරවැසියන්ගෙන් මිලියන 279 ක් ඒනම් මුළු ජනගහනයෙන් සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් ලබා ඇති සිටින අතර එමඟින් ජාත්‍යන්තර සංචාර සඳහා නැවත පිබිදීමක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් පිළිබඳ දත්ත අනුව ඉන්දියාව ප්‍රමුඛතම සංචාරක වෙළෙඳපොළ පහෙන් එකක් වී ඇති අතර, 2019 මුළු සංචාරක පැමිණීමේ සංඛ්‍යාවෙන් සියයට සියයට 18 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වීම විශේෂත්වයක්. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවාව විශාල ශක්‌තියක් ලබා දෙන ලදී. පසුගිය වසරේ පළමු ගෝලීය සංචාරක අගුලු‍ දැමීම සිදු වන අවස්ථාවේ දී, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර 11 ක් වෙත සතියකට ගුවන් ගමන් 100 කට අධික ගණනක් ක්‍රියාත්මක කළ අතර, වර්තමානයේ දී ගුවන් සේවාව ඉන්දියාවේ නගර 9ක මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඉදිරියේ දී ගුවන් සේවය සංචාරකයන්ගේ සම්බන්ධතාව සහ ගුවන් සංඛ්‍යාත වැඩි කිරීමේ අපේක්ෂාවෙන් සිටියි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ඉන්දියාවේ ප්‍රධාන නගර 8ක ගුවන්විදුලි නාලිකා, දැන්වීම් පුවරු සහ ඩිජිටල් මාධ්‍ය හරහා මාස තුනක කාලයක් විකාශනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

මෙම ප්‍රචාරණ ඉන්දියානු සංචාරකයන්ට වෙන කවරදාටත් වඩා ශ්‍රී ලංකාව නැරඹීමට කෙරෙන ආරාධනයක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *