අජිත් නිවාඩ්ටත් කැබිනට් බලතල

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයකු හා සමාන තත්වයක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මහ බැංකු අධිපතිට රජයේ තනතුරු ධූරාවලියේ හිමිවනුයේ පස් වැනි ස්ථානයයි.

විපක්ෂ නායක, කැබිනට් අමාත්‍යධූර සහ ෆීල්ඩ් මාර්ෂල් හා සමාන තනතුරු රජයේ තනතුරු ධූරාවලියේ පස්වෙනි ස්ථානයෙහිලා සැලකෙන සෙසු තනතුරුය.

හිටපු මහ බැංකු අධිපතිවරයෙකු අජිත් නිවාඩ් කබ්රාල් වත්මන් ආණ්ඩුවේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරයෙකු ලෙසකද කටයුතු කළ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට යළි පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා පත් කෙරිණ.

ඔහු එම තනතුරට පත් කෙරුණු අවස්ථාවේදී කැබිනට් බලතල ඉල්ලා සිටි බව මෙයට පෙර වාර්තා විය.

කෙසේ වෙතත් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව වංචා හා දූෂණ චෝදනා රැසක්ම එල්ලවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *