ජනාධිපතිට රට පාලනය කරන්න බෑ; අගමැතිට රට බාර දිය යුතුයි – මුරුත්තෙට්ටුවේ හිමි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා තමන් වහන්සේලා මැදිහත්වීම වූයේ උතුම් රටක් හැදීමට බලාපොරොත්තුවෙන් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

නමුත් කාගේ හෝ අවාසනාවකට අද රට අභාග්‍ය සම්පන්න තත්වයකට ඇද වැටී ඇති බවද උන්වහන්සේ පැවසූහ.

මේ යන ගමන මේ ආකාරයෙන්ම ගියහොත් රාජපක්ෂ පරම්පරාවේ දේශපාලන අවසානය සිදුවන තම නිගමනය බවද උන්වහන්සේ තවදුරටත් එහිදී කියා සිටියහ. තවදුරටත් අනාගතයේ හෝ රාජපක්ෂලා මෙරට බලය දැරිය යුතු බව හිතන්නේ නම් අගමැති මහින්ද රාජපක්ෂ මහතාව වහාම රට බේරා ගැනීම සඳහා මැදිහත් විය යුතු බවද උන්වහන්සේ පැවසූහ.

ඒ නිසා තවමත් ප්‍රමාද නැති බවත් වහාම රට බාර ගන්නැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඒ සඳහා වත්මන් ජනාධිපතිතුමන් ද අකමැත්තක් නොදක්වනු අැති බව තමන් වහන්සේ විශ්වාස කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරන්න බැරි බව ඔප්පු වී අවසන් බවත් තමනට අත්දැකීමක් නැති බව එතුමාම සඳහන් කර ඇති බවත් එහිමියන් තව දුරටත් කියා සිටියහ.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක දී ආනන්ද හිමියන් මෙම අදහස් පල කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *