තමිල්නාඩු ධීවරයන්ට එරෙහිව රාජපක්ෂ රජයේ නාඩගමක් – නෙඩුමාරන්ගෙන් විරෝධය

තමිල්නාඩු ධීවරයින්ට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව නාඩගමක් රග දක්වන බව පවසමින් ද්‍රවිඩ ජාතික පෙරමුණ පක්ෂයේ නායක පල නෙඩුමාරන් විරෝධය පළ කර ඇත .

නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ඔහු මේ බව සඳහන් කර ඇත.

ඔහු තවදුරටත් කියා සිටියේ,

ඉන්දියාව සහ ලංකාව අතර ඇති මන්නාරම් බොක්ක මුහුදු සීමාව මුළුමනින්ම, තමන්ට පමණක් අයිති සේ සිංහල ආණ්ඩුව සිතා ගෙන තමිල්නාඩු ධීවරයින්ට එරෙහිව අඛණ්ඩව කටයුතු කරමින් පවතී.

1980 වේ මුල් භාගයේ සිට මේ දක්වා තමිල්නාඩු ධීවරයින්ව වෙඩි තබා ඝාතනය කිරීමත්, බරපතල තුවාල සිදු කිරීමත්, සිරගත කිරීමත්, ඔවුන්ගේ ධීවර යාත්‍රා, දැල් , ආම්පන්න ආදිය විනාශ කිරීමත් මේ දක්වා දිගටම සිදු කරමින් පවතී.

තමිල්නාඩු රජය සහ තමිල්නාඩු දේශපාලන පක්ෂ සිංහල ආණ්ඩුවේ මෙම සාහසික ක්‍රියා හෙළා දකිමින් හඬ නැඟීමෙන් පසු, එය වෙනතකට හැරවීමේ අදහසින් තමිල්නාඩු ධීවරයින්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ධීවරයින් විරෝධතා දක්වන බවට නාටකයක් රජපක්ෂ ආණ්ඩුව රඟ දක්වමින් සිටී. මෙය මම දැඩි ලෙස හෙළා දකිමි.

ඉන්දියාවේ දේශ සීමාව උල්ලංඝනය කරමින් සීමාව ඉක්මවා කටයුතු කරන අනෙකුත් රටවල බටයන්ට ඉන්දියානු බටයන් එම මොහොතේම ප්‍රති ප්‍රහාර එල්ල කරන්නාක් මෙන්, මන්නාරම් බොක්ක ආශ්‍රිතව සීමා ඉක්මවා කටයුතු කරන සිංහල නාවික හමුදාවටත් ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සදහා ඉන්දීය නාවික හමුදාව පෙරට ආ යුතුයි.

අඛණ්ඩව පීඩාවට පත් වන තමිල්නාඩු ධීවරයින්ට හිමි වන්දි සිංහල ආණ්ඩුවෙන් ලබා දෙන ලෙස ද මම ඉල්ලා සිටිමි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *