ඉන්දියාවේ 29වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරයි – පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන්

ඉන්දියාවේ 29වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන ඊයේ (20) විවෘත කරන ලදී.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ගුවන්තොටුපොළ විවෘත කල අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගි වෙති.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ මහා සංඝරත්නය සියක් නමක් එම අවස්ථාවට සහභාගි වීය.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ලෙස යූ.එල් 1147 දරන ගුවන් යානය අද අලුයම 05.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසීය.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරයේ ඉදිකර ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඟින් දඹදිව වන්දනාකිරීම සඳහා පහසුකම් සැලසෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.

එමෙන්ම මහා සංඝරත්නය සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය පළමුව ගොඩබැස්වීමත් සමග ඉන්දියාවේ කුෂිනගර් නව ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙ විවෘත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *