චීන ගගනගාමීන් තිදෙනෙක් ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළට

චීන ගගනගාමීන් තිදෙනෙක් 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළට

චීන ගගනගාමීන් තිදෙනෙක් 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළට

චීනය පෘථිවි කක්ෂයේ කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතින අතර, එහි තවත් අදියරක් සම්පූර්ණ කිරීමට, එරට ගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම ගගනගාමීන් තිදෙනාගෙන් එක් කෙනකු කාන්තාවක් වීමද විශේෂත්වයකි.

චීනය, අභ්‍යවකාශයේ ඉදි කෙරෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ හැදින්වෙන්නේ, ‘ටියැංගොන්’ යනුවෙනි. මෙය අදියර කීපයක් යටතේ ඉදි කෙරෙන්නේ කොටසින් කොටස උඩු ගුවනට ගෙන ගොස් එකලැස් කිරීමෙනි. ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කෙරෙන කොටස් හැදින්වෙන්නේ මොඩියුල යනුවෙනි.

මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශය බලා ගියේ ‘ටියැංහේ’ නමැති මොඩියුලයේ එකලැස් කිරීම් සදහාය. ඔවුන් තිදෙනා මාස 6ක කාලයක් එම එකලැස් කිරීමේ කටයුතුවල නියැලෙනු ඇතැයි චිනය පෙන්වා දෙයි. මෙය දීර්ඝ කාලයක් චීන ගගනගාමීන් තිදෙනකු අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාවද වනු ඇත.

මෙහෙයුමට එක්වුණු ගගනගාමීන් තිදෙනාගෙන්, නායකයා ලෙස කටයුතු කරන්නේ 55 හැවිරිදි ෂියා ෂිගැංග් ය. 2008 වසරේ පළමු චීන ගගනගාමියා ලෙස අභ්‍යවකාශයට ගොස් ගගන සක්මනක පවා නියැලුණේද මොහුය. මොහු චීන ගුවන් හමුදාවේ නියමුවකු ලෙස සේවය කළ තැනැත්තෙකි.

මෙහෙයුමට එක්වන කාන්තාව, 41ක් හැවිරිදි වැංග් යැපිංය. ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු ගගනගාමිනිය වන්නේද මැයයි. මැය 2013 වසරේ දි අභ්‍යවකාශ සංචාරයකටද එක් වූවාය. ඒ, අභ්‍යවකාශයට ගිය දෙවැනි චීන ගගනගාමිය ලෙසිනි. මෙහෙයුමට එක්වී සිටින තෙවැනි ගගනගාමියා 41ක් හැවිරිදි, යේයි ගොංග්ෆූය. මොහුද පළපුරුදු ගුවන් නියමුවෙකි.

මොවුන් උඩු ගුවනට ගියේ ‘ලොංග් මාර්ච් 2 එෆ්’ රොකට්ටුවක සහ ‘ෂෙංහූ12’ ගගන කැප්සියුලයේ ආධාරයෙනි. රොකට්ටුවෙන් වෙන්වුණු ගගන කැප්සියුලය ඉතා සාර්ථකව අභ්‍යවකාශ නැවැතුම්පොළේ මොඩියුල සමඟ එක් වුණු අතර ගගනගාමීන් තිදෙනා මේ වනවිටත් ඔවුන්ට නියමිත වැඩ රාජකාරි ආරම්භ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *