Type to search

(VIDEO) පොලිස් ඇමතිගේ කතාවට අපි බය නැහැ – ස්ටාලින්ගෙන් ප්‍රතිචාර

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ගුරු විදුහල්පති අරගලය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමකරමින් සරත් වීරසේකර අමාත්‍යවරයා කතා කළද ඔහුගේ කතාවලට බිය නොවන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය වෙනුවෙන් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ දින (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

තර්ජනය කරන බව පවසමින් මීට ඉහතදීද ගුරුවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ නමුත් සිදු වූ දෙයක් නොමැති අතර රථ පෙළපාලියට පැමිණි ගුරුවරු කණ්ඩායමක්ද අත්අඩංගුවට ගෙන මර්දනය කිරීමට සැරසුණු බවද ස්ටාලින් මහතා සඳහන් කළේය.

සරත් වීරසේකර ඇමතිවරයාගේ මෙම මර්දනයට යටත් නොවන බවයි ඔහු පැවසුවේ.

”දෙමව්පියන්ට අපි කියන්නේ මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් වුණේ ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලය නිසා නොවෙයි. ආණ්ඩුව දැන් කොරෝනා වලින් තමන්ගේ නොහැකියාව වහගන්න ගුරුවරු පිට පටවනවා අධ්‍යාපන අර්බුදයක් ඇති වුණේ ගුරුවරුන්ගේ වර්ජනය නිසා කියල. විභාග ප්‍රතිඵල පරක්කු වුණේ ගුරු වර්ජනය නිසාද? විභාග තියන්න බැරි ගුරු අරගලය නිසාද? ඒවා ඔක්කොම කල් යන්නේ කොරෝනා වසංගත තත්ත්වය තුළ. අපේ ක්‍රියාවෙන් බාධාවක් වුණා නම් වුණේ ඔන්ලයින් ඉගැන්වීම් වලට. එයටත් හේතුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය ලෙස ප්‍රශ්නයට උත්තරයක් ලබා නොදීම.” යනුවෙන් ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *