අත්අඩංගුවේ සිටින සැකකරුවන් වධහිංසාවට ලක්වී ඇතිදැයි නිරීක්ෂණයට මහේස්ත‍්‍රාත්වරුන්ට බලය

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වධහිංසාවට ලක්වී ඇත්දැයි නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරුන් සිය බල ප‍්‍රදේශවල පොලිස් ස්ථාන නිරීක්ෂණය කිරීමට යෑම ආරම්භ කර ඇත.

මේ බැව් අනාවරණය වන්නේ පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා නිලධාරීන් අමතා යන ලද ලිපියකිනි.

උක්ත ලිපියේ සඳහන් වන්නේ ”පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් 1994 අංක 22 දරන වධදීමට සහ අනෙකුත් ක‍්‍රෑර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය පනතේ විධිවිධාන සලස්වා ඇති ප‍්‍රමාණයට ආරක්ෂිතව සිටින බවට සහතික කර ගැනීම සඳහා යටත් පිරිසෙයින් සෑම මසකටම එක් වරක්වත් පැමිණීම සෑම මහේස්ත‍්‍රාත්වරයකුගේම කාර්යයක් බව සඳහන් කර ඇත.” යනුවෙනි.

2021 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහය (සංශෝධන) පනත ප‍්‍රකාරව මහේස්ත‍්‍රාත්වරුන්ගේ කාර්යභාරය පුළුල් කිරීම යටතේ මෙකී වගකීම මහේස්ත‍්‍රාත්වරුනට පැවරී තිබේ.

ඒ අනුව මෙම සංශෝධන පනතේ අන්තර්ගත ප‍්‍රතිපාදනයන් සම්බන්ධයෙන් තම නිලධාරීන්ගේ උපදෙස් පන්තිවලදී පන්ති වාර තුනකදීවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ද පොලිස්පතිවරයා සිය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *