ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට පස් දින සංචාරයක

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට පස් දින සංචාරයක

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට පස් දින සංචාරයක

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා පස් දින සංචාරයක් සඳහා (12) දිවයිනට පැමිණියා. ඒ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන්.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුවයි ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක නිරත වන්නේ.

මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් සහ ආරක්ෂ අංශ ප්‍රධානීන් හමුවීමට නියමිතයි.

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් නාරාවන මහතා (14) බ්‍රහස්පතින්දා සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38වන සංවත්සර උත්සවයටද සහභාගී වනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *