අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමග තවත් ගිවිසුමක් – ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමග තවත් ගිවිසුමක් - ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමග තවත් ගිවිසුමක් - ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසීය.

එහි මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පවසන්නේ මීට පෙර අදාළ සමාගම සමග ඇති කරගනු ලැබූ ගිවිසුමේ දිගුවක් ලෙස මෙම නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවය.

ඒ සඳහා නිව් ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙරටට පැමිණීමට නියමිත බවද රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

අදාළ ගිවිසුම පිළිබඳ (13) උදෑසන වන විට හෙළිදරව් නොකළ හොත් දවල් 12.00 වනවිට දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරතවන බවද රන්ජන් ජයලාල් මහතා පැවසීය.

මේ අතර, ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය විසින් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ (12) නිව් ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලංකාවට පැමිණීමට නියමිත බවත්, ඒ අනුව (12) පෙ.ව. 9.30 සිට විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *