මෙරට සංචාරයට ආ ඇමෙරිකානුවා දුෂ්කරතා හේතුවෙන් එසැණින් ආපසු යයි

පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නැමැති ඇමෙරිකානු සංචාරකයකු  ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු සිදු කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වෙමින් පවති.

අදාළ ඇමෙරිකා ජාතික සංචාරකයා එම සමාජ මාධ්‍ය වීඩියෝවෙන් සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමාට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු ගිය බව යැයි ද සංචාරක අමාත්‍යාංශය පෙන්වා දේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දුන් උපදෙස් අනුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *