යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව නිලධාරින්ට සහ සෙසු නිලයින්ට නිල උසස්වීම්

යුද හමුදාවෙන් පොදු සමා කාලයක්

යුද හමුදාවෙන් පොදු සමා කාලයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ අනුමැතිය මත නිලධාරින් 567 ක් සහ සෙසු නිලයින් 10,368 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබේ.

ඒ අනුව, 2021 ඔක්තෝබර් මස 10 දින ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 42 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 256 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 10 දෙනෙකු කපිතන් නිලයට, දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 152 දෙනෙකු ලුතිතන් නිලයට සහ උපපන්න නිලධාරින් 22 දෙනෙකු (උපකරණ පාලක) ලුතිතන් නිලයට උසස්වීම් ලබති.

2019 අගෝස්තු මස 18 දින ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ නිලධාරින් සහ සෙසුනිලයින් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ වැඩිම උසස්වීම් සංඛ්‍යාවක් ලබා දී ඇත.

වසර 72 ක යුද්ධ හමුදා ඉතිහාසයේ කිසි දිනෙක නොවූ අයුරින් 2019 අගෝස්තු මස 18 දින සිට මේ දක්වා යුද්ධ හමුදා නිලධාරින් 3,873 දෙනෙකු සහ සෙසු නිලයින් 78,707 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබාදී ඇත.

– army.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *