Type to search

සියලු පළාත් සභා පාසල් ආරම්භ කිරිමට පළාත් ආණ්ඩුකාර සංසදයේ දී තීරණයක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පළාත් සභා යටතේ පාලනය වන සියලු පාසල් එළඹෙන 21වනදා සිට යළි ආරම්භ කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ (05) පෙරවරුවේ පැවැති පළාත් ආණ්ඩුකාර සංසදයේ විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පවසනවා.

ඒ අනුව මධ්‍යම පළාත තුළ පිහිටි සිසුන් සංඛ්‍යාව 200ට අඩු පාසල් 815ක් විවෘත කිරීමේ හැකියාව ඇති බව ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.

මෙහිදී පළාතේ සෑම මැතිවරණ කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරම්භ කිරීමට හා පවත්වා ගෙන යාමට අවශ්‍ය විධි විධාන සැලසීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා දිවයිනේ පළාත් නවයෙහිම ආණ්ඩුකාරවරුන් ද, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද, පළාත් අධ්‍යාපන ලේකම්වරු හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ද ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *