ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට ලංකාවෙන් යුරෝපා සංගමයට පොරොන්දුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම: ජාත්‍යන්තර සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව සිදුකිරීමට ලංකාවෙන් යුරෝපා සංගමයට පොරොන්දුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම: ජාත්‍යන්තර සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව සිදුකිරීමට ලංකාවෙන් යුරෝපා සංගමයට පොරොන්දුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය දැනුවත් කර තිබේ.
ජාත්‍යන්තර සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව යම් කිසි කාලරාමුවක් තුළ එය ගෙන ඒමට ඇති කැපවීමද ශ්‍රී ලංකා රජය අවධාරණය කළේය.

ඒ, යහපාලනය, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා – ශ්‍රී ලංකා පස්වන ක්‍රියාකාරි කණ්ඩායම් රැස්වීමේදීය.

ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්ශවය සඳහන් කළේ, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 2022 මීළඟ රැස්වීම වන විට මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රගතියක් අත් කර ගැනීමට දෙපාර්ශවය එකඟ වූ බවයි.

ත්‍රස්තවාදය මර්දනය සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව කටයුතු කරන අතරතුර මානව හිමිකම් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව කටයුතු කිරිමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබේ.

සුළු ජාතින්ට අදාළ ගැටලු සහ ඒවාට මුහුණ දීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන මෙන්ම වෛරි ප්‍රකාශයන් පිළිබඳවද මෙහිදි අවධානය යොමුවු බව යුරෝපා- ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්ය.

සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් එක හා සමානව තහවුරු කෙරෙන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මෙන්ම මෙරට බහුත්ව සංයුතිය පිළිබඳවද ශ්‍රී ලංකාව මෙහිදි අවධාරණය කර තිබේ.

තවද සියලුම වාතාවරණයන් යටතේ මරණ දඬුවම ලබාදීම සඳහා යුරෝපා සංගමය සිය විරෝධය යළි අවධාරණය කර ඇති අතර අඛණ්ඩව පවතින අත්හිටුවීම පිළිගත් යුරෝපා සංගමය මරණ දඬුවම විධිමත් ලෙස අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රි ලංකාව දිරිමත් කර තිබේ.

යුක්තිය, සංහිඳියාව සහ වගවීම තුළින් සමාජ, ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරිමේ වැදගත්කම යුරෝපා සංගමය මෙහිදි අවධාරණය කර ඇත.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණයේ ස්වාධීනත්වය, බලතල බෙදීම ස්වාධීන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව දෙපාර්ශවය මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ. එම ස්වාධීන ආයතන පලදායීව ක්‍රියාත්මක වීමේ ඇති වැදගත්කමද දෙපාර්ශවය අවධාරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *