විදේශගතව සිට පැමිණෙන පිරිසගේ මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර

විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙන බව කී ඇමතිවරයා එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද කීය .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත්, යම් වරදක් කවුරුන් හෝ පෙන්වා දෙන්නේ නම් එය නිවැරදි කිරීමට රජය පසුබට නොවන බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යරු ඇතුළු පිරිසක් සමඟ 14වන දින පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *