ශ්‍රී ලංකා තේ මිශ්‍රකර ප්‍රතිඅපනයනය කිරීමට අදාළ චක්‍රලේඛයක්: ශ්‍රී ලංකා තේවලට කුමක් වෙයි ද?

2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක්

2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක්

තේ ප්‍ර‍තිඅපනයනය ඉහළ ගොස් ඇති බවට ගෙන යන ප්‍ර‍චාරන අසත්‍ය බව තේ අලෙවි මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්හි සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා සඳහන් කළේ, තේ නිෂ්පාදනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික කළු තේවලින් සිය නිෂ්පාදන කරනු ලබන බවය. ඔහු සඳහන් කළේ, මෙරට තේ නිෂ්පාදනය පසුගිය වසර 5හි සසඳන විට මිලියන 5ක වැඩි වීමක් දැකිය හැකි බවය.

80 දශකයේ ශ්‍රී ලංකාවට තේ ආනයනය කර (value addition) අගයන් එකතු කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර ලබා දී ඇති අතර එහිදී ආනයනය සඳහා අවසරදී ඇත්තේ, විශේෂිත කාණ්ඩවලට අයත් තේ සඳහා පමණක් බව ඔහු සඳහන් කළේය. ඒ අනුව, ඩාර්ජලීන් (Darjeeling), අසෑම් (Assam) යන තේ වර්ග සහ සීටීසී (CTC) යන ප්‍රධාන කාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දී ඇති බව ජයම්පති මොල්ලිගොඩ මහතා අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ආනයනික තේ සමග ශ්‍රී ලංකා තේ මිශ්‍රකර ප්‍රතිඅපනයනය කිරීමට අදාළ චක්‍රලේඛයක් තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. අගෝස්තු 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි තේ කොමසාරිස්වරයා මෙම අවසරය ලබාදී ඇති අතර ඒ යටතේ ශ්‍රී ලංකා තේ 30%ක් සමග ආනයනික තේ මිශ්‍රකර ප්‍රතිඅපනයනය කිරීමට අවසර හිමිවෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *