තෙල් අර්බුදයටත් ඇමරිකානු මූල්‍ය ආයතනයකින් කෝටි 250ක ණයක්

තෙල් අර්බුදයටත් ඇමරිකානු මූල්‍ය ආයතනයකින් කෝටි 250ක ණයක්

තෙල් අර්බුදයටත් ඇමරිකානු මූල්‍ය ආයතනයකින් කෝටි 250ක ණයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම ණය මුදල ඇමරිකාවේ “කන්සෙප්ට් ග්ලෝබල්” නමැති මූල්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කැබිනටි අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ. වසර 2ක සහන කාලයක් සහිතව ලබාගැනෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12ක් වේ. 3%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල කඩිනමින් ලබා ගැනෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ කල් පිරී ඇති ණයවර ලිපි පියවීමට පවා මේ වන විට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *