30ට වැඩි කෝටියකට කොවිඩ් එන්නත දී අවසන්; එ අතර ගර්භණී කාන්තාවන් ලක්ෂයකට වැඩි පිරිසක්ද

0
කොවිඩ්ව එන්නත ගැන සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

කොවිඩ්ව එන්නත ගැන සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

මෙරට වයස 30ට වැඩි කෝටියක පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එය විශාල ජයග්‍රහණයක් බවද හෙතෙම සඳහන් කළේ‍ය.

වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට ඉදිරි දෙසතියේදී එන්නත ලබාදීම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි පැවැසූ යුද හමුදාපතිවරයා වයස අවුරුදු 20ත් 29ත් අතර කාණ්ඩයේ පිරිසටද දිස්ත්‍රික්ක හයකදී එන්නත්කරණය කඩිනමින් සිදුකරන බව පැවසුවේය.

මේ අතර මෙරට හාර ලක්ෂ විසි නව දහසකට කොවිඩ් මර්දන එන්නත (08)දින ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරට ගර්භණී කාන්තාවන් ලක්ෂයකට වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com