සා.පෙළ – උ.පෙළ ප්‍රතිඵල ලේඛන ONLINE හරහා; දුරස්ථ අධ්‍යාපනයට “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්”

සා.පෙළ - උ.පෙළ ප්‍රතිඵල ලේඛන ONLINE හරහා; දුරස්ථ අධ්‍යාපනයට "ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය"

සා.පෙළ - උ.පෙළ ප්‍රතිඵල ලේඛන ONLINE හරහා; දුරස්ථ අධ්‍යාපනයට "ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය"

පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිත “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්” බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී විවෘත කර තිබේ.

පවතින කොවිඩ් තත්වය නිසා අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකිරීම සඳහා මෙමගින් සිසුන්ට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. නවීන තාක්ෂනික පහසුකම්වලින් පිරි අධිවේගී අන්තර්ජාල සබඳතාවලින් සන්නද්ධ මෙම මධ්‍යස්ථානය මගින් ජාතික අධ්‍යාපන ආයතනය සකස්කරන සියලු විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව රූපවාහිනී නාලිකා සහ වෙබ් නාලිකා මගින් සම්ප්‍රේෂණය කිරීමට නියමිතය.

මේ අතර 2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තුමේන්තුවේ www.donenets.lk යන වෙබ් (our services) යටතේ ප්‍රතිඵල තහවුරු කිරීම වෙත පිවිස එම තහවුරු කිරීම වෙත පිවිස එම ප්‍රතිඵල ලේඛණය බාගත කරගත හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි බවද විභාග දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *