රජයේ අභ්‍යන්තර අර්බුදය පසෙකලා, කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයි – කබීර් හෂීම්

රජයේ අභ්‍යන්තර අර්බුදය පසෙකලා, කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයි - කබීර් හෂීම්

රජයේ අභ්‍යන්තර අර්බුදය පසෙකලා, කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයි - කබීර් හෂීම්

කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් රටේ බරපතල ජාතික ව්‍යවසනයක් ඇති වී ඇති මේ මොහොතේ, රජය එහි අභ්‍යන්තර අර්බුද පසෙකලා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමේ ක්‍රියාමාර්ග සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බව ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ (26) බ්‍රහස්පතින්දා දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, රජය පිළිබඳ කෙසේ විශ්වාසයක් තැබිය හැකිද? කොවිඩ් අරමුදලක් පිහිටී ය. සීනිවලින් කෝටි ගණනක ලාභ ලැබූහ. එමෙන්ම මෙවැනි විවිධ ගිවිසුම් මගින් කෝටි ගණනක ආදායමක් ඉපයූහ.

නමුත් මහ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කිසිවක් දක්නට නොලැබේ. කොවිඩ් මර්දන එන්නත පවා ජනතාවට ලබා දීමට නොහැකිව තිබේ. PCR පරීක්ෂණ ද සිදු කරන්නේ නැත. PCR, Antigen වලින් හෝටල්වල නිරෝධායනය කර ආදායම් උපයයි.

මෙවැනි තත්ත්වයක් මත, අපගේ වැටුප ඔවුන්ට ලබා දීමට විශ්වාසයක් ඇතිවේද? ඒ නිසා තමයි රජය කොවිඩ් අරමුදල පිහිටීමට පෙරම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය සියළුම රෝහල්වලට උදව් උපකාර සිදු කළේ. රෝගීන්ටත්, මහ ජනතාවටත් උදව් කළහ. එමෙන්ම අපට අපගේ නායකයා පිළිබඳ විශ්වාසයක් තිබේ යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *