කොවිඩ් සම්බන්ධයෙන් ධනවත් රටවල් මෙන් ශ්‍රී ලංකාවේ කටයුතු කළ නොහැක – අගමැති මහින්ද රාජපක්ෂ

කොවිඩ් සම්බන්ධයෙන් ධනවත් රටවල් මෙන් ශ්‍රී ලංකාවේ කටයුතු කළ නොහැක - අගමැති මහින්ද රාජපක්ෂ

කොවිඩ් සම්බන්ධයෙන් ධනවත් රටවල් මෙන් ශ්‍රී ලංකාවේ කටයුතු කළ නොහැක - අගමැති මහින්ද රාජපක්ෂ

ධනවත් රටවල් විසින් අනුගමනය කරනු ලබන කොවිඩ් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

ඉරිදා සති අන්ත පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරිමේ දී ඇතැම් ධනවත් රටවල් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට නොගැළපෙන බව ඔහු පෙන්වා දී ඇත.
කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දමන ලෙස විවිධ පාර්ශවයන් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔහු මෙලෙස පිළිතුරු දී තිබේ. රට වසා දැමුවත් මාසික වැටුප් ලබන්නන් වැටුප ලබා ගනී. එසේ වුවත්, දෛනික වැටුප් ලබන රැකියාවල නිරත වන්නන් බලපෑමට ලක් වන බව ඔහු පෙන්වා දුන්නේය.

දෛනික කුලී කම්කරුවන් මුහුණ දෙන ගැටළු සඳහා කිසිවෙකු හඬ නඟන්නේ නැතැයි ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම මගින් කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *