මේක නමට පමණක් පැනවූ ඇඳිරි නීතියක් විතරයි, කිසිදු ප‍්‍රතිඵලයක් අත්වී නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

මේක නමට පමණක් පැනවූ ඇඳිරි නීතියක් විතරයි; එනිසාම ආණ්ඩුව පැනවූ ඇඳිරි නීතියෙන් කිසිදු ප‍්‍රතිඵලයක් අත්වී නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති

මේක නමට පමණක් පැනවූ ඇඳිරි නීතියක් විතරයි; එනිසාම ආණ්ඩුව පැනවූ ඇඳිරි නීතියෙන් කිසිදු ප‍්‍රතිඵලයක් අත්වී නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති

ඇඳිරි නීතිය පැනවීම නිසා රෝගීන්ගේ අඩුවීමක් හෝ මියයන්නන්ගේ සංඛ්‍යාවේ අඩුවක් සිදුව නැතැයිද, එනිසාම ආණ්ඩුව පැනවූ ඇඳිරි නීතියෙන් කිසිදු ප‍්‍රතිඵලයක් අත්වී නැතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රාවය කළ විමසුමකදී කීවේය.

”ඇඳිරි නීතිය පැන වුවත් ඇඳිරි නීතියක් රටේ තිබෙන බවක් පෙනෙන්නට නැහැ. මිනිස්සු දිවා රාත‍්‍රී දෙකෙහිම සංචරණයේ යෙදෙනවා. මේක නමට පමණක් පැනවූ ඇඳිරි නීතියක් විතරයි.” ඔහු වැඩිදුරටත් කීවේය.

දිවයිනටම ඇඳිරි නීතිය පනවනවාට වඩා අඩුම වශයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයටවත් ඇඳිරි නීතිය පනවා එය නිසි අයුරින් පවත්වාගෙන ගියේ නම් සිදුවෙන ආර්ථික පාඩුව පවා අවම කරගන්නට තිබුණ බවද පවසන ඔහු ඇඳිරි නීතිය හරිහැටි ක‍්‍රියාත්මක නොවීම නිසා රජය අපේක්ෂා කළ දේවල් එකක්වත් ඉටු නොවනු ඇතැයි ද පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *