‘‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සමාවක් නෑ‘‘ – පොලිස්පති සී.ඩී වික්‍රමරත්න

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක්

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි.

කිසිම පුද්ගලයකුට හෝ පොලිසියේ විමර්ශනවලට බාධා කිරීමට ඉඩ නොතබන බවද හෙතෙම සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් 723 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇති බවත් මින් තුන්සිය එකොළොස් දෙනෙකු රඳවාගෙන දිගින් දිගටම විමර්ශන පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය. මින් සැකකරුවන් හතළිස් හය දෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබ ඇති බව පැවසූ පොලිස්පතිවරයා පරීක්ෂණ වලට අදාළ ලිපිගොනු සියයක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයිද පැවසුවේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසේ උගතුන් හා බුද්ධිමතුන් රැසක් සිටින බවද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

සැකකරුවන් ළඟ තිබී විවිධ ලේඛන විශාල ප්‍රමාණයක් දැනට සොයා ගෙන ඇති බවත්, එම සැකකරුවන්ට අදාළ දුරකථන අංක ලක්ෂයක් පමණ විමර්ශනයට ලක් කළ බවත්, සැකකරුවන්ට අයත් රුපියල් කෝටි තිස් හයකට වැඩි වටිනා මුදල් හා දේපළ රාජසන්තක කර ඇති බවත් තවත් රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් තහනමට ගෙන ඇති බවත් පොලිස්පතිවරයා කීවේය.

පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් කෙටි කාලයකදී සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බවත්, එම සිදුවීමට පෙර සිදුවීම් කිහිපයක් සිදුවී ඇති බවත් ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *