(VIDEO) ජාත්‍යන්තර මාධ්‍යට ගිය ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටි

(VIDEO) ජාත්‍යන්තර මාධ්‍යට ගිය ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටි

(VIDEO) ජාත්‍යන්තර මාධ්‍යට ගිය ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටි

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් හඳුන්වාදුන් කාඩ්බෝඩ් මිනී පෙට්ටිය ජාත්‍යන්තර මාධ්‍ය තුළද මේ වනවිට අවධානයක් දිනාගැනීමට සමත්ව ඇත.

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ වර්ධනය වෙද්ද දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ප්‍රියන්ත සහබන්දු මහතාගේ අදහසක් මත මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටි අඩුමුදලට නිපදවීම ආරම්භ කර තිබුණි.

ශ්‍රී ලංකාවේ මිලෙන් අවම ලී වලින් සකසන මිනී පෙට්ටියක් රුපියල් 25000 -30000ත් අතර මිලකට අලෙවි වන අතර කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් මේ වන විට රුපියල් 4500ක මුදලකට අලෙවි කරයි.

සහබන්දු මහතා ජාත්‍යන්තර පුවත් සේවයට පවසා ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාඩ්බෝඩ් වලින් නිපදවන මෙම මිනී පෙට්ටයකට කිලෝ ග්‍රෑම් 100ක බරක් දරා ගත හැකි බවය. මුලින්ම මෙය කොවිඩ් සිරුරු වෙනුවෙන් සකස් කළද, පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වන විට එම පෙට්ටිය පිළිබඳව අවධානය යොමුකර තිබේ.

2020 වසරේ මුල සිට කාඩ්බෝඩ් මිනී පෙට්ටි 350ක් පමණ බෙදා හැර ඇති බවද සහබන්දු මහතා ප්‍රකාශ කොට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *