රහසේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් සකස් කිරීමට භික්ෂූන්ගේ විරෝධය

0
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් සකස් කිරීමට භික්ෂූන්ගේ විරෝධය- "ඇඳිරි නීතිය පනවා තිබියදී හොර රහසේ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කුමන අරමුණකින්ද"

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් සකස් කිරීමට භික්ෂූන්ගේ විරෝධය- "ඇඳිරි නීතිය පනවා තිබියදී හොර රහසේ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කුමන අරමුණකින්ද"

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම භාවිතා කරමින් ඇවිදින මංතීරුවක් සකස් කිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් (27) විරෝධතාවයක නිරත වී තිබෙනවා. භික්ෂූන් පිරිසක් වැව් බැම්ම මත වාඩි වී අදාල ව්‍යාපෘතියට විරෝධය පළ කළේය.

රුපියල් මිලියන 34ක වියදමින් මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ඒ සඳහා සියලු රාජ්‍ය ආයතනවල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය වැව් බැම්මට දැඩි හානියක් බව භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙනවා. රටටම ඇඳිරි නීතිය පනවා තිබියදී හොර රහසේ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කුමන අරමුණකින්ද යන්න පැහැදිලි නොමැති බවයි භික්ෂූන් පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com