ආසියානු වාර්තා පොතට ඇතුළත් වූ ශ්‍රී ලංකා දැරිය

ආසියානු වාර්තා පොතට ඇතුළත් වූ ශ්‍රී ලංකා දැරිය

ආසියානු වාර්තා පොතට ඇතුළත් වූ ශ්‍රී ලංකා දැරිය

ආසියානු වාර්තා පොතට එක් වී ශ්‍රී ලාංකික දැරියක් රටට ගෞරවයක් එක් කර තිබේ.

අම්පාර – නින්දවුර් පළවෙනි පියවරෙහි පදිංචි එම්.ජේ ෆාතිමා අනත් ජිතාහ් විසින් ‘ග්‍රෑන්ඩ් මාස්ටර්’ කිරුළ දිනාගෙන ඇති අතර ආසියානු රටවල ධජ ඉතා වේගයෙන් හඳුනා ගැනීමේ පුද්ගලයා ” fastest to Identify Flags of all Asian Countries” යන කිරුළ ද දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දී ඇත.

එම්.එල්.එම් ජෙසීම් සහ යූ.කේ ෆාතිමා ජවුහරා යන යුවළගේ ආදරණීය දියණිය වන මැය සියළුම ආසියානු රටවල්වල ධජයන් ඉතා වේගයෙන් හඳුනා ගත් ප්‍රථම ආසියානු දැරිය ලෙස ද කිරුළ දිනා ගෙන ඇත.

03.12.2016 දින උපත ලැබූ මැය තම 4 වන වියේදී ආසියානු රටවල ධජ විනාඩි 24 කින් ඉක්මනින් හඳුනාගෙන ආසියානු වාර්තා පොතේ සිය නම ඇතුළත් කර තිබේ.

එමෙන්ම කුඩා වියේදී ම හොඳ මතක ශක්තියක් සහ විවිධ දක්ෂතාවලින් සපිරි මැය ඉංග්‍රීසි භාෂාව සරල ලෙස කියවීමට, ලිවීමට හා කථා කිරීමට ඉගෙන ගෙන ඇති අතර ගණිතය ඇතුළු විෂයයන් සඳහා ද ඉතා දක්ෂතා පෙන්නුම් කරන්නෙකි.

මේ අතර, “ග්‍රෑන්ඩ් මාස්ටර්” යන කිරුළ ලැබූ නින්දවූර් හි දෙවන දැරිය ලෙසට මැය පත් වී ඇත. මෙම තත්ත්වය මත අදාළ දැරියට විවිධ පුද්ගලයින් විසින් සුභ පැතුම් එක් කරමින් සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *