කොරෝනා අස්සේ මත්ස්‍ය අපනයනයෙන් හොඳ ආදායමක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය මධ්‍යයේදී ,පසුගිය මාසය තුළ ආහාර මත්ස්‍ය අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 106ක ආදායමක් ලැබුණු බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය, රටේ දළ දේශීය නිෂ්පාදිතයට 2.7% ක දායකත්වයක් සපයයි. කොවිඩ් වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ ද , මෙම අපනයනය සිදු වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ප්‍රංශය, ඉතාලිය, ඇමෙරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ජපානය, නෙදර්ලන්තය, හොංකොං, කැනඩාව සහ චීනය යන රටවල ශ්‍රී ලංකාවේ මත්ස්‍යයින් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට වැඩි ඉල්ලුමක් පවතින්නේ ප්‍රංශයෙනි. එරට සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක ආදායමක් ලැබුණු බව ද එම මණ්ඩලය පවසා ඇත.

කොවිඩ් පළමු රැල්ල ආරම්භ වී, පසුගිය වසර අවසන් වන තුරු මෙම අපනයන ක්‍රියාවලියට බාධාවක් සිදු නොවීය. එම වසරේම ඇමෙරිකානු ඩොලර් මිලියන 189 ක ආදායමක් ලැබී ඇත.

පසුගිය වසර කිහිපය තුළ සිදු කළ මත්ස්‍ය අපනයනයෙන් 2018 වර්ෂයේ ඉහළම ආදායමක් ලැබී ඇත. එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 265 ක් බව ද සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *