ඇෆ්ගන් ජාතිකයන් 20,000කට එක්සත් රාජධානියේ සරණාගත රැකවරණය

තලෙයිබාන් පාලනයත් සමග ඇෆ්ගනිස්ථානයේ ජීවිත අවදානමට පාත්‍ර වී ඇති 20,000 කට ඉදිරි දිනවලදී සරණාගත තත්වය පිරිනැමීමට කටයුතු සූදානම් කරන බව එක්සත් රාජධානිය පවසයි.බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කරන්නේ එයින් 5,000 කට මේ වසරේදීම සරණාගත තත්වය ලබාගත හැකි වනු ඇති බවයි. ඔහු ඒ බවට පොරොන්දු ද විය.

‘‘ගතවූ වසර 20 ක කාලය තුළ ඇෆ්ගනිස්ථානය වඩා යහපත් තැනක් කරන්නට වැඩ කළ සියලු දෙනාටම අපි ණයගැතියි.‘‘

‘‘ඔවුන්ගෙන් බහුතරය, විශේෂයෙන්ම කාන්තාවන් දැන් හදිසි උදව් අවශ්‍ය තත්වයේ සිටිනවා. ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට එක්සත් රාජධානියේ ආරක්ෂිතව සිටිය හැකි තත්වයක් ලබාදීමට හැකි වීම ගැන මට ආඩම්බරයි..‘‘

නමුත් විපක්ෂය පෙන්වා දී තිබෙන්නේ මෙම සැලසුම දිගු කාලීන එකක් නොවන බව සහ, එයින් වෙනසක් සිදුවේ යැයි අපේක්ෂා කිරීම අසීරු බව ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *