ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දී සුමන්තිරන් සහ ජී.එල්.පීරිස් සාකච්ඡා කළේ කුමක්ද? හෙළි වූ සත්‍ය

එකම වෙලාවේ ඇමරිකාව, චීනය සහ ඉන්දියාව සමග එක් වී කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ එක් රාජතාන්ත්‍රික පියවරක් බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශිවාජිලිංගම් මහතා කියා සිටියේ ය.

ලංකාසිරි මාධ්‍ය ආයතනයේ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අවස්ථාවේ දී වත්මන් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජී.එල් පීරිස් මහතා පත් කර ඇත. ඔහු පත් කිරීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් සහ ජී.එල් පීරිස් ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධාන නිලධාරීන් සමඟ එක්තරා සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ වෙනස් වීම පවා ඇමරිකාවේ එක් න්‍යාය පත්‍රයක් වේ යැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුර වශයෙන් අදාළ කරුණ ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *