ඇෆ්ගන් ජනාධිපති පලා යද්දී හෙලිකොප්ටරයක් පිරෙන්න මුදල් අරන් ගිය බව රුසියාව පවසයි

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ මෙහයුම්වලින් ඉවත්වීමට තීරණය කිරීමත් සමග තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමේ මෙහෙයුම් දියත් කළ අතර දින කිහිපයක් තුළ සමස්ත ඇෆ්ගනිස්ථානයට සියතට ගැනීමට ඔවුන් සමත් විය.

තලේබාන් සංවිධානය කාබුල් නගරය අත්පත් කර ගැනීමට ආසන්න වූ අවස්ථාවේදී ජනාධිපති අස්රෆ් ඝානි බලය අතහැර යාමට එකඟ වූ අතර ඒ අනුව ඔහු වෙනත් රටකට පලා ගියේය. ඔහු පලා ගියේ කුමනට රටටද යන්න මේ දක්වා නිශ්චිතව අනාවරණය වී නොමැත. ටජිකිස්ථානයට හෝ උස්බෙකිස්ථානයට පලා යන්නට ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය සැක කරනවා. මේ අතර ඇතැම් වාර්තා පවසන්නේ ඔහු ඕමානය වෙත යන්නට ඇති බවයි.

ජනාධිපති අස්රෆ් ඝානි රටින් පලා යද්දී හෙලිකොප්ටරයක් පුරවා මුදල් රැගෙන ගොස් ඇති බවත්, මෝටර් රථ හතරක්ද රැගෙන ගොස් ඇති බවත් ඇෆ්ගනිස්ථානයේ රුසියානු තානාපති කාර්යාලය රුසියානු මාධ්‍ය වෙත පවසා තිබෙනවා. තවත් විශාල දේපල ප්‍රමාණයක් රැගෙන යාමට ජනාධිපතිවරයා උත්සාහ දරා ඇති නමුත් ගුවන් යානයේ ඉඩ ප්‍රමාණවත් වීම නිසා ඒවා අතහැර දමා යාමට ඔහුට සිදුව තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට නතුවීමත් සමග ඇෆ්ගන් ජනතාව විශාල පිරිසක් සිය ඇඳිවත පමණක් සහිතව වෙනත් රටකට පැනයාම සඳහා කාබුල් ගුවන් තොටපුල තුළ රැස්කමින් සිටි බව පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. රටේ ජනතාව එවැනි තත්වයක සිටිද්දී ඔවුන්ගේ පාලකයා හෙලිකොප්ටර් පුරවා මුදල් ඇතුළු දේපල රැගෙන ජනතාවද අනතුරේ දමා රටින් පිටව ගියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *