පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට අසමත් වීම නිසා මැලේසියානු අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වෙයි

මැලේසියානු අග්‍රාමාත්‍ය මුයිදින් යාසින් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.ඒ, පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට අසමත් වීමත් සමග ය. 74 හැවිරිදි ඔහු බලයේ රැඳී සිටීමට සමත් වූයේ මාස 18කටත් වඩා අඩු කාලයකි. ඒ අනුව මැලේසියානු ඉතිහාසයේ අඩුම කාලයක් බලයේ රැඳී සිටි පාලකයා බවට ඔහු පත් වේ.

තමන්ගෙන් සිදුවූ අඩුපාඩුවලට සමාව ඉල්ලා සිටි අගමැතිවරයා, ‘බලයේ කෑදරකමින් සිටිනවුන්‘ වෙත මේ පිළිබඳ දෝෂාරෝපණය එල්ල කළේය.

මැලේසියානු රජු විසින් ඔහුගේ ඉල්ලා අස්වීම භාරගෙන ඇත්තේ, අලුත් මහමැතිවරණයක් වෙත රට ගෙන යමිනි.

පක්ෂයේ අන්තර්වාර නායකයා වශයෙන් තවදුරටත් කටයුතු කරන ඔහු, මීළඟ අගමැතිවරයා පත් කර ගන්නා තෙක් භාරකාර නායකයා ලෙස ද කටයුතු කරනු ඇත.

කෙසේ නමුත්, ඉල්ලා අස්වෙමින් මැලේසියානු අගමැතිවරයා කළ ප්‍රකාශය, ආසියාවේ බොහෝ රටවල නායකයන්ට සිය බලකාමය ගැන ලැජ්ජාවක් ඇති කරනු ඇත.

‘‘මම කිසිමදාක රටේ සම්පත් හොරකම් කරන්න බලය පාවිච්චි කරන්නෙ නෑ. අධිකරණයේ ස්වාධීනත්වයට අත තියන්නෙ නෑ. ඒ වගේම ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටුපාන්නෙ නෑ..මම බලයෙ තවදුරටත් හිටියොත් සිද්ධ වෙන්නෙ ඒව කරන්න…‘‘ යැයි වෙනත් කරුණු අතර ඔහු අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *