විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

කොළඹ පිහිටි ජාත්යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්රහාරයක් එල්ල වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වූ කරුණු මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ ආයතනයට ප්රහාරයක් එල්ලවන බවට තොරතුරක් ලැබුණු බවට සහ ඒ සම්බන්ධව විමර්ශනය කරන ලෙස සිදු කරන ලෙස දන්වා එම ආයතනයේ නිලධාරියෙකු විසින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත අගෝස්තු 13 දින දහවල් පැමිණිල්ලක් කළ බවය.

එම පැමිණිල්ලට අදාළව විශේෂ විමර්ශනයක් කොල්ලුපිටිය පොලිසිය මගින් සිදු කළ බවත් ඉන් පසුව එම විමර්ශනය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් භාරගත් බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, එසේ විමර්ශනය කිරීමෙන් අනතුරුව අනාවරණය වූ කරුණු අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර හිඳගල ප්රදේශයේ ස්ථිර පදිංචියක් ඇති පනාගොඩ ප්රදේශයේ තාවකාලික පදිංචියක් ඇති පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බවය.

සැකකරු ශ්රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ අයෙකු බවත් පසුව ගුවන් හමුදාවෙන් නෙරපූ අයෙකු බවත් අනාවරණය වී ඇති බව ද ඔහු පැවසීය.

පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හා එක්ව කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබන බවය.
-MB

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *