ගෑස්, කිරිපිටි හිඟයක් ඇතිවුනේ රජය විසින් ජනතාවට සහන දීලා එනිසා රජයට දොස් පැවරීම අසාධාරණයි

“ගෑස් සමාගම් විසින් මාස හයක කාලය තුළ ගෑස් මිල වැඩිකරන්න ඉල්ලා තියෙනවා. ඉතිං ආණ්ඩුවට ලේසියි පාරිභෝගිකයාගෙ පැත්තෙ ජනතාවගේ පැත්තෙ නොඉන්නවා නම් ඉල්ලන ලෙස මිල වැඩිකරන්න දුන්නා නම් කිසිම ගෑස් හිඟයක් ඇතිවෙන්නෙ නෑ. ගෑස් හිඟයට රජයට බනින එක සාධාරණ නෑ. මොකද ජනතාවට පීඩනය පටවන්න බැරි නිසා රජය, රජයේ ගෑස් සමාගම විශාල අලාභයක් සෑම සිලින්ඩරයකටම විඳගෙන ගෑස් සපයනවා. නමුත් පුද්ගලික අංශයට එලෙසින් කරන්න බෑ. ලෝක වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට ගෑස් දෙන්න කිව්වාට එහෙම දෙන්න බෑ. නමුත් අපි ඊයෙ වෙන තෙක් ඔවුන්ට ඒ මිල වැඩිකිරීමට ඉඩදුන්නෙ නෑ.

දෙවනුව කිරිපිටිත් එහෙමයි. කිරිපිටි සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටිනවා ලෝක වෙළඳපොලේ මිල වැඩිවෙලා තියෙනවා, විනිමය අනුපාතය වැඩිවෙලා තියෙනවා, ඒ නිසා කිරිපිටි මිල වැඩිකරන්න කියලා. කිසිදු කිරිපිටි හිඟයක් එන්නෑ, අපට තියෙන්නෙ ආ එහෙනම් වැඩිකරන්න කිව්වා නම් කිසිම හිඟයක් එන්නෙ නෑ. මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ රජයට කළමනාකරණය කරගන්න බැරිවීමක් නෙවෙයි. රජය ජනතාවට සහන සැලසීම සඳහා ඉල්ලන ඉල්ලන ආකාරයට වැඩිවීම් කරන්න වෙළඳපොලට අවශ්‍ය ආකාරයට ඉඩ නොදීම නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ 12වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *