පුපුරණ ද්‍රව්‍ය සොරකමට ගුවන් හමුදා සැරයන් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට – පොලිස්පති අජිත් රෝහණ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොරෝනා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොරෝනා

වැලිසර පිහිටි ගබඩාවකින් පුපුරණ ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගුවන් හමුදා සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම ගබඩාවේ පුපුරණ ද්‍රව්‍ය සොරකමක් සිදුව ඇති බවට ගුවන් හමුදාවේ විනයාරක්ෂක අධ්‍යක්ෂවරයාගෙන් ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව සොරකම් කරන ලද පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 70යි ග්‍රෑම් 700ක් සමඟ ත්‍රිරෝද රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අදාළ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ භාරකරුවෙකු ලෙස කටයුතු කළ ගුවන් හමුදා සැරයන්වරයෙකු හා නාවික හමුදාවේ සුළු සේවකයෙකු ද වන බව අජිත් රෝහණ මහතා පැවසීය.

ගල් කෝරිවල ප්‍රයෝජනය සඳහා අදාළ සැකකරුවන් විසින් එම පුපුරණ ද්‍රව්‍ය සොරකම් කර අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *