දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා, විශේෂ ඒකක වාට්ටු ද කොවිඩ් රෝගීන්ට

දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා, විශේෂ ඒකක සඳහා වෙන් කෙරුණු වාට්ටු ද කොවිඩ් රෝගීන්ට

දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා, විශේෂ ඒකක සඳහා වෙන් කෙරුණු වාට්ටු ද කොවිඩ් රෝගීන්ට

දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සිදු වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.

මේ අතර දිවයින පුරා රෝහල්වල විශේෂ ඒකක සඳහා වෙන් කර තිබූ වාට්ටුද කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට පියවර ගත් බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එම විශේෂ ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන්ද කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදාගෙන ඇතැයි පැවසූ රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා යෑම සෞඛ්‍ය අමාත්‍යාංශය හා රෝහල් ප්‍රධානීන් හා එක්ව සාර්ථකව ලෙස කළමනාකරණය කර ඇතැයිද සඳහන් කළේය.

මේ අතර ආසාදිතයෙකුගේ උගුරේ වයිරස ප්‍රමාණය වැඩි වනවිට ඒවා කෙළ බිඳිති මගින් මෙන්ම වාතය මගින්ද පැතිරෙන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.

මුල්ම අවස්ථාවේදී ආසාදිතයෙකුගේ සෙම පටලවලින් වයිරස හමුවූයේ ඒවා හතළිස් වතාවක් පමණ වර්ධනය කිරීමේදී බවත් ඊට පසු ඒවා වර්ධනය කළ යුතු වාර ගණන 30-33දක්වා අඩුවූ බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්පසු දෙවැනි රැල්ලේදී සෙම පටල වාර 22ත්23අතර වාර ගණනක් වර්ධනය කිරීමේදී වයිරසය හමුවූ බව පැවසූ ගුණසේන මහතා පසුගිය මාර්තු මාසයේදී එම ප්‍රමාණය තවත් අඩු වෙමින් 12ත්15අතර වාර ගණනක් වර්ධනය කිරීමේදී වයිරසය හමුවූ බවත් පෙන්වා දුන්නේය.

උගුරේ සෙම පටල වර්ධනය කිරිමේ එක් වාරයකදීම වයිරසය හමුවන තත්වයක් මේ දිනවල පෙනෙන්නට ඇතැයිද ඔහු කීවේය.

පවතින තත්වය යටතේ සියලුම දෙනා කොවිඩ් එන්නත්කරණයට යොමු වීම වැදගත් බවත් කිසිවකු හෝ පූර්ණ එන්නත්කරණයට ලක් නොවී සෙනග රැඳෙන ස්ථානවලට යෑම අවදානම් බවත් ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

එන්නත්කරණයට ලක්වුවත් මුව ආවරණ පැළඳීම දිගටම කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *