ඉන්දීය බුද්ධි අංශත් නොදන්නා රහසිගත තොරතුරු රටට කියූ, අඟහරු ලොව ගඩොල් සොයාගත් දිවයිනේ කීර්තිට වෙච්චි දේ

ඉන්දීය බුද්ධි අංශත් නොදන්නා රහසිගත තොරතුරු ජනතාව හමුවේ තබන දිවයිනේ කීර්තිට තලංගම පොලිසිය සාධාරණය ඉටුකරා ද?

ඉන්දීය බුද්ධි අංශත් නොදන්නා රහසිගත තොරතුරු ජනතාව හමුවේ තබන දිවයිනේ කීර්තිට තලංගම පොලිසිය සාධාරණය ඉටුකරා ද?

ඉන්දීය බුද්ධි අංශත් නොදන්නා රහසිගත තොරතුරු ජනතාව හමුවේ තබන සහ අඟහරු ලොව ගඩොල් ඇති බවට නාසා ආයතනයට පයවත් නොතබා අනාවැකි කියන දිවයින වාර්තාකරුවකු වන කීර්ති වර්ණකුලසූරිය කොරෝනා ආසාදිතව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පැනගොස් නිවසේ සැඟව සිටි අවස්ථාවේ තලංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, නිවසේ දොරගුළු වසාගෙන දුරකථන සියල්ල විසන්ධි කරගෙන සිටියදී පොලිසිය ඔහුගේ තලංගම නිවසේ උළු ඉවත්කර නිවසට ඇතුළු වීමෙන් පසුවය.
කීර්ති වර්ණකුලසූරිය පදිංචිව සිටින්නේ මාධ්‍යවේදීන් සඳහා ඉදිකළ තලංගම, රිචඩ් ද සොයිසා නිවාස සංකීර්ණයේය.

කීර්ති වරණකුලසූරියටත් ඔහුගේ බිරිඳටත් කොරෝනා ආසාදනය වීම නිසා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔහු සහ බිරිඳ එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බිරිඳ තනිකර දමා ඇයටත් නොකියා රෝහලෙන් පැනවිත් නිවසේ සැඟව සිට ඇත. රෝහල් බලධාරීන් විසින් පොලිසියට මේ බව දැනුම් දීමෙන් අනතුරුව තලංගම පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව ඔහුගේ නිවස වටළා තිබුණු අතර ඒ මොහොතේ ඔහු ස්ථාවර දුරකථනයේ රැහැන් ද විසන්ධි කර සැඟව සිට ඇති බව සඳහන්.

කෙසේවෙතත් පොලිස් අත් අඩංගුවට පත්වූ කීර්ති වර්ණකුලසූ‍රිය සිය ඉහළ දේශපාලන සබඳතා උපයෝගී කරගෙන නිවසේම නිරෝධායනය වීමට මඟපාදාගෙන ඇති බවත් වාර්තා විය.

මේ නිසා මතුවන කරුණු කිහිපයකි. ඉන් එකක් වන්නේ නිළියක වන පියුමි හංසමාලිව නිරෝධායනයට ගෙනයන අවස්ථාවේ ඇයව ඉන් මුදවා ගැනීමට උත්සාහ කර එහෙත් ඉන් අපොහොසත් වූ පොලිස් ඇමති සරත් වීරසේකරටත් වඩා කීර්ති වර්ණකුලසූරිය බලවත්ද යන්නයි. දෙවැන්න පියුමි රටවටේ කතා කර ෆේස්බුක් ලයිව් විත් දඟළාවත් ආපසු හරවාගත නොහැකි වූ නින්දාව කීර්ති බලරහිත කරගන්නේ කෙසේද යන්නයි.

මේ සියල්ලටම අමතරව පියුමි හංසමාලි නිරෝධායන ටෙලි වෘතාන්තය ජනතාව හමුවට ගෙනැවිත් ඇයව පස්සර දක්වා යැවූ අභීත මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ මාධ්‍ය වෘත්තියට සහ ඔහුගේ අපක්ෂපාතී මාධ්‍යකරණයට කීර්ති කර ඇති අභියෝගයයි.

කීර්ති වර්ණකුලසූරියටත් අනෙක් පුරවැසියන්ට මෙන් නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේද, එය කඩකළ ඔහුට පැනවෙන දඬුවම කුමක්ද යන්න පිළිබඳව අපි අවධානයෙන් පසුවන්නෙමු.

*********************

ප.ලි. –

ඔය කීවාට අප නොදන්නා පැත්තකුත් මෙතැන තිබේ. අඟහරු ලෝකයෙන් ගඩොල් සොයාගැනීමට තරම් දියුණු තාක්ෂණයක් කීර්ති වර්ණකුලසූරිය සතුව තිබියදී කළුබෝවිල රෝහලට ඔහුට දියහැකි ප්‍රතිකාරය අහවල් එකක්දැයි ඔහුටම සිතුනා වන්නටත් බැරි නැත. ලොව ප්‍රබලතම රහස් ඔත්තු සේවාවන්ගේ අතිශය රහස්‍ය සැලසුම් පවා ලංකාවේ සිට අතටම අල්ලා ගන්නා කීර්ති ළඟ කළුබෝවිල දොස්තරවරුන් නොදන්නා කොරෝනා ප්‍රතිකාරයක් නිවසේම තිබුණාදැයි කියන්නටත් අප දන්නේත් නැත. එහෙයින් ශ්‍රී ලංකාවට කීර්තියක් වූ අග්‍රගණ්‍ය මාධ්‍යවේදියෙකු, විද්‍යාඥයෙකු මෙන්ම ජිනීවාවේදී ත්‍රස්තවාදයෙන් රට බේරාගත් රණවිරුවෙකු ද වන කීර්තිට තලංගම පොලිසිය සැලකූ ආකාරය නිවැරදිද යන ප්‍රශ්නය මතුවේ.

එහෙත් තලංගම පොලිසිය ඔහුට එක් ආකාරයකින් සාධාරණය ඉටුකර ඇති බවත් කිව යුතුමය. ඒ, ඔහුගේ නිවසට වහළෙන් ඇතුළු වීමෙනි. අභ්‍යවකාශ මෙහෙයුම් පිළිබඳ, ග්‍රහලෝක පිළිබඳව විශ්වය පුරා විහිදී ගිය කීර්තියක් ඇති වර්ණකුලසූරියගේ නිවසට පොලීසිය දොර කඩාගෙන ඇතුළු වුණා නම් එය ඔහුට කරන පැහැදිලි නින්දාවකි. නමුත් වහලයේ උළු ගළවාගෙන ඇතුළු වීම තුළින් පොලිසිය ඔහුගේ අභ්‍යවකාශ සබඳතා පැත්තෙන් සාධාරණයක් ඉටුකර ඇති බව අපේ හැඟීමයි.

– LNW

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *