Type to search

මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි – වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මෙවර කොවිඩ් වෛරසයෙන් ප්‍රවේශම් නොවුණහොත් මරණය අත්වනු නිසැක බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

“මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම!

මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *