කිරිපිටි ආනයනයත් අත්හිටුවයි

ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා තිබේ.

එම කිරිපිටි සඳහා සමගම විසින් ඉල්ලා තිබෙන මිල වැඩිවීම තවදුරටත් ලබා නොදීම නිසයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

පාරිභෝගික අධිකාරිය හෝ වෙළෙඳ අමාත්‍යාංශය මෙම මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අවදානය යොමුකර නැති බවයි එම සමාගම් සඳහන් කරන්නේ. ඒ අනුව තවදුරටත් පාඩු ලැබිය නොහැකි හෙයින් එලෙස ඇනවුම් කිරීම අත්හිටුවා ඇත.

පවතින තත්ත්වය මත සමාගම් සතුව තිබෙන කිරිපිටි තොග වෙළෙඳපොළට නිකුත් කිරීම 65%කින් පමණ අඩුකිරීමටද සමාගම් කටයුතු කර තිබේ.

එමෙන්ම රට තුළ කිසිසේත් කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවත් කිරිපිටි මිල වැඩිකිරීමේ අපේක්ෂාවක් නැති බවත් පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *