ලොව ප්‍රථම වරට රන් පදක්කමක් සමග රන් හදවතක් ද හිමි කරගත් ඔලිම්පික් මළල ක්‍රීඩකයා

ලොව ප්‍රථම වරට රන් පදක්කමක් සමග රන් හදවතක් ද හිමි කරගත් ඔලිම්පික් මළල ක්‍රීඩකයා

ලොව ප්‍රථම වරට රන් පදක්කමක් සමග රන් හදවතක් ද හිමි කරගත් ඔලිම්පික් මළල ක්‍රීඩකයා

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පළමු වරට මළල ක්‍රීඩා ඉසව්වක රන් පදක්කමක් ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් බෙදාගනු ලැබූහ.

ඒ, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවති පිරිමි උස පැනීමේ ඉසව්වේදීයි.

එහිදී කටාර් රාජ්‍ය නියෝජනය කළ මුටාස් එසා සහ ඉතාලිය නියෝජනය කළ ජියන් මාර්කෝ මෙලෙස එම රන් පදක්කම බෙදාගනු ලැබූහ.

ඔවුන් දෙදෙනාම අවසන් තරගයේදී මීටර් දෙකයි දශම 1යි නවයේ සිට මීටර් දෙකයි දශම 3යි 7 දක්වා උසක් වාර්තා කළහ.

කෙසේවෙතත් පසුව ඔවුන් දෙදෙනාට තරඟ විනිසුරුවන් විසින් තවත් එක් අවස්ථාවක් බැගින් ලබා දෙන ලදී. නමුත් කකුල බරපතල ආබාධයකට ලක් වීම හේතුවෙන් ජියන් මාර්කෝ අවසන් උත්සාහයෙන් ඉවත් විය.

කටාර් රාජ්‍යය නියෝජනය කළ මුටාස් ඉදිරිපිට වෙනත් ප්‍රතිවාදියෙකු නොසිටි මොහොතක, ඔහුට තනිවම පහසුවෙන් රන් පදක්කම දිනා ගැනීමට හැකිව තිබුණ ද ඔහු එසේ නොකර තරඟ විනිසුරුවන්ගෙන් විමසා සිටියේ ඔහුද එම උත්සාහයෙන් ඉවත් වුවහොත් රන් පදක්කම ඔවුන් දෙදෙනා අතර සමසේ බෙදා ගත හැකිද යන්නයි.

අනතුරුව තරඟ විනිසුරුවන් ඊට එකඟතාව පළ කළ අතර ඒ අනුව කටාර් ක්‍රීඩකයා සහ ඉතාලි ක්‍රීඩකයා අතරේ පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම බෙදී ගියහ.

ඒ අනුව මුටාස් රන් හදවතින් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *