අන්තරේ විරෝධයේදී තුවාල ලැබූ මහරගම OICට ශල්‍යකර්මයක් – ඇඟිලි තුනකට බරපතළ තුවාල

අන්තරේ විරෝධයේදී තුවාල ලැබූ මහරගම OICට පැය තුනක ශල්‍යකර්මයක් - ඇඟිලි තුනකට බරපතළ තුවාල

අන්තරේ විරෝධයේදී තුවාල ලැබූ මහරගම OICට පැය තුනක ශල්‍යකර්මයක් - ඇඟිලි තුනකට බරපතළ තුවාල

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ දී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාට පැය තුනක ශල්‍යකර්මයට ලක් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට ලක් කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළත් කළ බව පොලිස් උසස් පොලිස් නිලධාරියෙක් කිය.

රජයේ දේපළවලට රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් සිදු කිරීම,පොලිස් නිලධාරියකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *