ශ්‍රී ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණි මතක යළිඅලුත් කළ දසුන් ශානක ඇතුළු පිරිවර, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 29 වැනිදා පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් වසර දෙකකට පසුව වි-20 තරගාවලිජයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2-1 ක් ලෙසින් ඉන්දීය පිල පරාජය කළහ.

තියුණු දඟ කැවීමකින් යුත්, මන්දගාමී තණතීරුවක හැසිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ පහසු ඉලක්කයක් කරා බියපත් ගමනක නිරතව සිටියහ. ඕවර 12 ක් නිමාවේදී ශ්‍රී ලංකා ලකුණුපුවරුවේ තිබුණේ ලකුණු 56 ක් පමණි.

එහෙත් සධීර සමරවික්‍රමගේ දැවී යාමත් සමග පිටියට පිවිසි වනිඳු හසරංග, පළමු පන්දුවේ සිටම නොබියව පිත්ත හැසිරවීම හේතුවෙන් එඩි වැඩිකරගත් ධනංජය ද සිල්වා එතැන් සිට කිසිදු අපහසුවකින් තොරවම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

හසරංගගේ ආගමනයත් ශ්‍රී ලංකා ජයග්‍රහණයත් අතර ලකුණු26 ක පරතරය පියවීමට ධනංජය සහ හසරංගට අවශ්‍ය වූයේ පන්දු 15 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගාවලියක් ජයගත්තේ වසර දෙකකට පසුවය. එයද දසුන් ශානකගේ නායකත්වය යටතේ 2019 ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයට එරෙහිව, පාකිස්තානයේදීම ලබාගත් 3-0 ක ජයග්‍රහණයයි. ඉන්දීය පිල විස්සයි-20 තරගාවලියක් පරාජය වූයේවසර දෙක හමාරකට පසුවය.

2019 පෙබරවාරියේදීඕස්ටේ්‍රලියානු පිල හමුවේ ලද 2 – 0 ක තරගාවලිපරාජයෙ න් පසුව ඉන්දියානුවෝ විස්සයි-20 තරගාවලි8 කදීඅපරාජිතව සිටි අතර ඒවායින් 7 ක්ම ජයගත්හ.

ඉන්දීය පිල විස්සයි-20 තරගයකදීදැවී ගිය අඩුම ලකුණුසංඛ්‍යාව වන්නේ 2008 දීඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු74 කට දැවී යාමයි. පසුව නාග්පූර්හිදීලකුණු79 කට දැවීගිය ඉන්දීය කණ්ඩායම අද සම්පූර්ණයෙන්ම දැවී නොගියද ඕවර 20 කදීලබාගත් අඩුම ලකුණුසංඛ්‍යාවට සීමා කරන ලද්දේ කලකට පසුව අමතක නොවන පන්දු රැකීමක යෙදුණුශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසිනි. ඔවුන් අතුරින්විශිෂ්ට උඩපන්දු දෙකක්ම රැකගත් දසුන්ශානක ඉදිරියෙන්ම සිටියේය.

විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේදීලෝකයේ පන්දු යවන්නන් අතර 2 වැනිස්ථානයේ සිටින වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් සිය 24 වැනිඋපන් දිනය සැමරීය. සිය ඕවර 4 දීලකුණු09 කට කඩුලු 4 ක් දවාගත් හසරංගට මෙම තරගයේ දස්කම් අනුව පන්දු යවන්නන් අතර පළමුස්ථානය ගැනීමේ හොඳ අවස්ථාවක් ඇතිවා පමණක් නොව ඔහුතරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

ඉන්දීය ඉනිමට ඇතූළත් වුයේ හතරේ පහර 4 ක් පමණි. තණතීරුව ඉතාමත්ම මන්දගාමී බවක් පෙන්නුම් කළ නමුත් ඉන්දීය පිතිකරුවන්ට මන්දගාමී තණතීරු අරුමයක් නොවේ. විරාට් කෝලිසහ රෝහිත් ෂර්මා වැනිදැවැන්තයන් නොමැතිවුවද මෙම ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන්නේ අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබලතම ප්‍රහාරකයන්ය. නායක ශිකර් ධවාන්ට අමතරව, රුතුරාජ් ගයික්වාඩ්, සංජු සැම්සන්, දෙව්දූත් පඩික්කාල් සහ කුල්දීප් යාදව් වැනි අයි.පී.එල්. තරගාවලියේසුපිරි තරු මෙම තරගයේදී ඉන්දීය පිල නියෝජනය කළහ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *