එංගලන්තයේ ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දැමූ ක්‍රීඩකයින් තිදෙනාගේ විනය පරීක්ෂණය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය එංගලන්ත සංචාරයේදී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දැමූ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලබන බ්‍රහස්පතින්දා (29 වැනිදා) විශේෂ පංච පුද්ගල විනය කමිටුවට හමුවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එදින විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ විනය කමිටුව එදින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *