අලි – මිනිස් ගැටුම්වලින්, අලි සහ මිනිස් මරණවලින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම

අලි මිනිස් ගැටුම නිසා 2019 සිට 2021 මාර්තු දක්වා පුද්ගලයන් 263 දෙනකු සහ අලි ඇතුන් 817 මිය යයි

අලි මිනිස් ගැටුම නිසා 2019 සිට 2021 මාර්තු දක්වා පුද්ගලයන් 263 දෙනකු සහ අලි ඇතුන් 817 මිය යයි

අලි – මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩිම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව ඇති අතර මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැනට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272ක් වන අතර 2019 වසර තුළදී අලි ඇතුන් 407 දෙනෙකු මියගොස් තිබේ. අලි – මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85ක් වන නමුත් 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇත.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇති අතර අලි – මිනිස් ගැටුම වැළැක්වීමට මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් කිරීමේ ඇති අවශ්‍යතාවයද එම කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

රජය විශාල වශයෙන් වාර්ෂික අය – වැය මගින් ප්‍රතිපාදන වෙන්කර අලි – මිනිස් ගැටුම වැළැක්වීමට මුදල් වියදම් කර තිබුණද අලි – මිනිස් ගැටුම වැඩිවීමක් මිස අඩුව නැති බව මහාචාර්ය තිස්ස විතාරණ අවධාරණය කරයි.

විදුලි වැටක් ඉදිකර අලි ඇතුන් කොටුකිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටුකිරීමට ලක්වන්නේ අහිංසක ගැහැනු සතුන් හා අලි පැටවුන් පමණක් බවත් එම වාර්තාව මගින් අවධාරණය කර ඇත.

මෙතෙක් කාලයක් අසාර්ථක වී ඇති පැරණි ප්‍රතිපත්තිය අතහැර දමා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තම වාර්තාව මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *