ඩෙල්ටා ප්‍රභේදය සමාජගත වී නොමැති බව පෙන්වීමට උත්සාහයක් – GMOA

ඩෙල්ටා ප්‍රභේදය සමාජගත වී නොමැති බව පෙන්වීමට උත්සාහයක් - GMOA

ඩෙල්ටා ප්‍රභේදය තවමත් සමාජගත වී නොමැති බව පෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කරන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ කළ ඔහු , කොරෝනා වෛරසයේ පළමු රැල්ලෙන් පසුව, රටේ ජනතාව සහ රජය කොරෝනා වෛරසය අමතක කළහ. දෙවන කොවිඩ් රැල්ල පාලනය කර තිබූ අවස්ථාවේ, සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේදී නැවත කොරෝනා වෛරසය අමතක කර ක්‍රියා කළ බව ද ඔහු පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය තවමත් සමාජගත වී නොමැති බව පෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කරන බවට චෝදනා කළ ඔහු, රටේ නීතිය බලාත්මක වුවද එය ක්‍රියාත්මක නොවන නිසා, කොරෝනා වෛරස රැලි නැවත ඇතිවීම වැළැක්විය නොහැකි බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවනු ලබන කොරෝනා වෛරසය පිළිබඳ ආරක්ෂක උපදෙස් ක්‍රියාත්මක කිරීම සහ සහතික කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *