මහින්දානන්ද ෆීල්ඩ් මාර්ෂල්ට “ආප්ප විකුණපු පුද්ගලයෙක්” කියයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යනු ආප්ප විකුණු පුද්ගලයෙකු බවත් ඔහු කිසිසේත්ම හමුදාපති තනතුරකට නොගැලපෙන පුද්ගලයෙකු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

“මොකද්ද ? මොනවද කියන්නෙ ? මොනවද ෆොන්සේකා කියන්නෙ ? ෆොන්සේකා මන්ත්‍රීතුමා මොනවද ? මොනවද ? කවුද කාලන්නි ? කාලකන්නි මගෙන් අහගන්ඩද ? මම කියන්නද කාලකන්නිකම පිළිබඳව ? කාලකන්නිකම කියන්නද හමුදාපති කාලෙ කරපු දේවල් ? අහගන්න එපා මගෙන් ? රෙදි ගලවාගන්න එපා හමුදාපති … හරි ? හමුදාපතිකමට ගෞරවයක් තියෙනවා, හැබැයි ෆොන්සේකා මන්ත්‍රීට ගෞරවයක් නෑ. අහගන්න එපා. අහගන්න එපා රෙදිගලවා ගන්න එපා මගෙන්. හරිද ? ගලවාගන්න එපා රෙදි ටික මගෙන්. පුතාත් එක්ක කරපු ගනුදෙනු ටිකයි ඔක්කොම ටික …. මං මේ උත්තර දෙන්න යන්නෙ, අර ආප්පකාරයා පැන්නානෙ. ඒකයි. හෙහ් හෙහ්. මේ ආප්ප විකුණන මිනිස්සු හමුදාපති කළාම ඕක තමයි වෙන්නෙ” යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ 20වන දින වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරතුර දීය.

මේ කියනා හැටියෙන් නම් පෙන්නුම් කෙරෙන්නේ රණවිරු මහින්දානන්ද ඇමතිලා තමන් යුද්ධය අවසන් කරන සමයේ සරත් ෆොන්සේකා ආප්ප විකුණමින් සිටියේ යැයි ඉතිහාසය නැවත ලියමින් “රණවිරුගාය” සනීප කරමින් සිටිනා බවකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *