එන්නත්කරණය සම්බන්ධයෙන් මාගෙන් කිසිඳු දෙයක් විමසන්නේ නැත – මහාචාර්ය තිස්ස විතාරණ

කොරෝනා වෛරසය සඳහා කරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමාගෙන් කිසිඳු උපදෙසක් කිසිම කෙනෙක් නොඅසන බව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ද වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළ ඔහු, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ , රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩ භාර ගත් අවස්ථාවේ, තමා සමඟ පැයක පමණ කාලයක් සාකච්ඡා කල් බවත්, එම අවස්ථාවේ දී පමණක් තමන් සමග කොරෝනා මර්දන එන්නත් පිළිබඳව උපදෙස් ලබා ගත් බවත් පැවසීය.

මීට අමතරව වෙනත් කිසිඳු අවස්ථාවක තමන්ගෙන් කිසිඳු උපදෙසක් රජය නොවිමසු බව ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොරෝනා වෛරස මර්දන වැඩ පිළිවෙල දී පවා, වෛරසය පිළිබඳ විශේෂඥයෙකු වන තමාගෙන් කිසිඳු විමසීමක් සිදු නොකිරීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *