රිෂාඩ්ගේ නිවසේ සේවිකාව, කඳුරට දැරිය ඉෂාලිනිගේ මරණයේ අභිරහස සොයා ගත යුතුයි – ශ්‍රීදරන්

කඳුරට දැරිය ඉෂාලිනිගේ මරණයේ අභිරහස සොයා ගත යුතුයි - ශ්‍රීදරන්

කඳුරට දැරිය ඉෂාලිනිගේ මරණයේ අභිරහස සොයා ගත යුතුයි - ශ්‍රීදරන්

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වන රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවිකාවක ලෙස සිටී ඉෂාලිනී යූට් කුමාර් යන කඳුරට දැරියගෙ මරණය අප සැවොගේම සිත් පීඩාවට පත් කළ සිද්ධියක් මෙන්ම එම දැරියගෙ මරණය පිටුපස ඇති අභිරහස හෙළිදරව් කර, ඇගේ පවුලට යුක්තිය සලසා දිය යුතුයි යැයි මා ඇතුළු හැම පාර්ශවයකගේම ඉල්ලීමක් බව යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් පවසයි.

පසුගිය 2021/07/03 දින බලපතල පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලද දැරිය 2021/07/15 වන දින ප්‍රතිකාර ගෙනෙමින් සිටියදී මිය ගියේය.

කොළඹ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන්. රූහුල් හක් මහතා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඉෂාලිනී දීර්ඝ කාලයක සිට අපයෝජනයන්ට ලක් වී ඇති බව හඳුනා ගෙන ඇත.

බාල වයස්කාර එම දැරිය අපයෝජනයට ලක් කළ අය හඳුනා ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. 15 හැවිරිදි එම දැරිය සේවිකාවක් ලෙස ගෘහ සේවයේ යෙදවීමට තරම් ආර්ථික අහේනියක් තිබූ එම පවුලට යුක්තිය ඉටු විය යුතුයි.

ජන මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල කතා බහට ලක් වී ඇති ඉෂාලිනී දැරියගෙ මෙන් කතා බහට ලක් නොවූ තවත් බොහෝ දැරියන්ට මෙවැනි දුක්ඛිත සිද්ධීන් දිනපතා සිදු වෙමින් පවතී.

මිහින්තලේ ප්‍රදේශයට අයත් 15 හැවිරිදි දැරිය අපයෝජන කටයුතු සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ විකුණනු ලැබූ සිද්ධිය මෑතකදී අප රටේ සිදු විය.

මේ සියල්ල අභිබවා ස්වාභාවිකව ඉතා පහසුවෙන් පලා යෑමට ඉඩ නොදී ඉෂාලිනීට සිදු වී ඇති ලැජ්ජා සහගත සිදුවීම පිටුපස කවුරු සිටියත් ඔවුන් සියළු දෙනාවම නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ සියළු දෙනාගෙන්ම ප්‍රශ්න කරමින් සිටින බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබී ඇත.

තව දුරටත් හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වන රිෂාඩ් බදියුදීන් මහතාව දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින මොහොතක දැරියගෙ අභිරහස් මරණය පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් හෝ රජයේ හෙන්චයියන්ගේ සැලැස්මක් විය හැකි අතර සර්ව සාධාරණ විමර්ශනයක් සිදු විය යුතු බවද අප තරයේ ප්‍රකාශ කරමු යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *