පළාත් බලය මධ්‍යම රජය අත්පත් කර ගැනීමට එරෙහිව නඩු මගට – සී.වී. විග්නේෂ්වරන්

හදිසි නීති රෙගුලාසිවලට විරෝධය පළ කර විග්නේෂ්වරන්ගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ට ලිපියක්

හදිසි නීති රෙගුලාසිවලට විරෝධය පළ කර විග්නේෂ්වරන්ගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ට ලිපියක්

පළාත් පාසල් මධ්‍යම රජයේ පාලනයට යටත් කර ගැනීමට එරෙහිව ඉතා ඉක්මනින් අධිකරණය ඉදිරියේ නඩු ගොනු කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායකයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වන සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

(21) දින යාපනයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වමින් සී.වී. විග්නේෂ්වරන් මහතා මේ බව පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ,

වත්මන් රජය පළාත්වලට විමධ්‍යගත කර ඇති අධ්‍යාපන සහ සෞඛ්‍ය යන විෂයන් හි බලතල මධ්‍යගත කර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටී.
එයට ඇතැම් අය සහාය දක්වයි. සමහර මායවන්ට රැවටී ඇතැමුන් පළාත් සභා බලතල මධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ නිරත වී සිටී. එසේ වුවත් වත්මන් රජය 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ අධ්‍යාපන සහ සෞඛ්‍ය යන විෂයන් හි විමධ්‍යගත කර ඇති බලතල මධ්‍යගත කර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් පැවතීම සම්බන්ධයෙන් අප ඊයේ අධ්‍යාපන බලධාරීන් හමු වී සාකච්ඡා කළෙමු.

එම හමුවීමේ දී අප තීන්දුවක් ගෙන ඇත්තෙමු. එනම් මෙම පළාත් සභාවලට විමධ්‍යගත කර ඇති පාසල් සහ රෝහල්වල බලතල මධ්‍යගත කිරීමට විරුද්ධව ඉතා ඉක්මනින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දු කර ඇති බව ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *